ආරක්ෂක ලේකම් ඇතුළු තිදෙනෙක්ට නොතීසි !

කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට පුද්ගලයින් පිරිසක් අනවසරයෙන් ඇතුළුවී එහි ගස් කපා නීතිවිරෝධී කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්වරයා, සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා හා ඇතිමලේ පොලිස් ස්ථානාධිපති වෙත යළි නොතීසි යවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

වන අපරාධකරුවන්ගෙන් කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ආරක්ෂක ලේකම් ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා, ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් නීතිඥවරු පෙනීසිටියේ නැත.

ඒ අනුව අදාළ වගඋත්තරකරුට යළි නොතීසි දන්වා යවන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර තිබුණි.

අනතුරුව පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වනදා කැඳවීමට නියම කෙරුණි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago