විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය.
විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් හා 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
පසුව පාගමන ආරම්භ වු අතර ටෙක්නිකල් හංදිය හරහා විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන් කළේය. ටෙක්නිකල් හංදිය පසුකර පිටකොටුව දෙසට ගමන් කරන අතරවාරයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් රැඳී සිටියේය. එහිදී විරෝධතාකරුවන් ඉදිරියට යාම වැළැක්වීමට සංවිධායකයින් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වීම හේතුවෙන් එම ස්ථානයේ සිටම ජන රැලියක් පැවැත්වීමට තීරණය කෙරුණි.
එහෙත් පැමිණ සිටි පිරිස් වෙතින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජන රැලිය පැවැත්වීමට නොහැකි වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
අනතුරුව විරෝධතාකරුවන් නැවත වරක් ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමග නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…