ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සි.ටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් දැනට මාසයක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති අතර අනික් ස්කෑන් යන්ත්‍රයෙන් ද ස්කෑන් කළ හැක්කේ රෝගියකුගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ (angiogram test) සිදුකරණ යන්ත්‍රය ද ක්‍රියාවිරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
හෘද කැතිටර් ප්‍රථිකාර කිරීමට අත්‍යවශ්‍ය පරීක්ෂණය වන්නේ එන්ජිඕග්‍රෑම් පරීක්ෂණය ය. දකුණු පළාතේ ඇති රජයේ රෝහල් අතුරින් හෘද රෝගින් සඳහා මෙකී පහසුකම තිබුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. දකුණු පළාතේ පමණක් නොව රත්නපුර, ඇඹ්ලිපිටිය, මොනරාගල, ආදි ප්‍රදේශවල සිටද රෝගිහු ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ සිදුකරගැනීම සඳහා කරාපිටිය රෝහලට පැමිණෙති. සී.ටී ස්කෑන් යන්ත්‍රයත් ක්‍රියා විරහිත වී ඇත්තේ මේ පසුබිමේ දී ය. මේ වනවිට ඉතිරිවී ඇති රෝගියගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කළ හැකි යන්ත්‍රයද ඉතා අබලන් තත්වයේ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ පිළිබද අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ සහ එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයේ බල්බ පිලිස්සී ඇති බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල විදයමක් දැරිය යුතු බවත්ය.දැනට රජයේ වියදමින් පුද්ගලික අංශවලට යොමුකර හදිසි පරීක්ෂණ සිදුකරනු ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…