ට්විටර් සමාගම, සේවකයින් ඉවත් කිරීමට තීරණය කරයි !

ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එක් එක් සේවකයාට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙන බව සමාගම පවසයි.

ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය.

අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය. එසේම සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ලොව පුරා ඇති ට්විටර් සමාගමේ කාර්යාල වල සේවය කරන සේවකයින්ගේ රැකියා සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ අවිනිශ්චිත බවකි.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන් ඉවත්කර ඇත්ද නැත්ද යන්න දැනුම් දීමට නියමිතය.

මේ වනවිට බොහෝ සේවකයින්ට සමාගමේ පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකා ඇතැයිද සඳහන් ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago