IMF ණය දෙසැම්බරයෙත් නොලැබෙන ලකුණු ?

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බලාපොරොත්තු වූ ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආර්ථික විශේෂඥයන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙය රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති බවයි.

මෙම ණය මුදල ලබාගැනීමට නොහැකිවීමට බලපා ඇති ප්‍රධාන හේතුව චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ආරම්භ නොකිරීම බව සඳහන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සදහා වන කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

එම පසුබිම තුළ අදාළ ණය මුදල ලබාගැනීමට ලබන වසරේ මාර්තු මාසය තෙක් බලා සිටීමට සිදුවනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ණය දෙන්නන් අතර සිටින ජපානය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය ලබා ගැනීමේ තවත් පියවරක් ලෙස මෙරට නිල ණයහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම සාකච්ඡාව පවත්වා තිබුණේ මාර්ගගත තාක්ෂණය ඔස්සේයී.

ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීම අපේක්ෂාව බවයි එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කෙරන නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago