ශ්‍රී ලංකාව කඩුලු 6 කින් පරාජය කරමින් තමන්ගේ ධන ලකුණු වේගය ආරක්‍ෂා කරගත් එංගලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළේය.
පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එක් කළේය.
ඒ ඔහුගේ 09 වැනි අර්ධ ශතකයයි.
පැතුම් සිය 09 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට වැය කළේ පන්දු 34ක් පමණයි.
එහිදී විශිෂ්ට හයේ පහරවල් 05ක් සහ එක් හතරේ පහරක් තම ලකුණු 50 වෙනුවෙන් පැතුම් ඉදිරියෙන් ලියාගැනීමටත් ඔහු සමත් වුණා.
එමෙන්ම පැතුම් නිස්සංක සිය 20-20 ක්‍රිකට් ජීවිතයේ ලකුණු 1000 (1005) සීමාව ද අද පසුකර ගියා.
පැතුම් නිස්සංකට පෙර පන්දුවාර 20-20 ක්‍රිකට් පිටියේ ලකුණු 1000 සීමාව මීට පෙර පසුකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෙස ටී.එම්. ඩිල්ෂාන්, කුසල් පෙරේරා,මහේල ජයවර්ධන,කුමාර් සංගක්කාර, දසුන් ශානක, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරා යි.
එම ලැයිස්තුවේ 10 වැනි තැන ද අද පැතුමට හිමිවුණා.
එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 04 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය…
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම…
දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු…
හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිත බව වාර්තා වේ. අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර ඇති බව වාර්තා…
තරුණ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුෂාන්ත 2025–2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා-ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) උප…