යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්වීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
අද (05) දහවල් කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පිලී පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් අද (05) දින රාත්‍රී කොළඹ කොටුව සිට කන්කසන්තුරය හා කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.
දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇත.
එමෙන්ම දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.
බාධා එල්ල වී ඇති උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…