ඉන්ෆ්ලුවන්සා අවදානමක් පවතින නිසා මුව ආවරණයෙන් බැහැර වෙන්න එපා – විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ජනතාවට දැනුම් දෙයි

ඉන්ෆ්ලුවන්සා රෝගය මේ දිවනල සීග්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයක කරන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ජනතාවට දැනුම් දී සිටියි..
වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සෙම සාම්පලවලින් සැලකියයුතු සංඛ්‍යාවක් ඉන්ෆ්ලුවන්සා වයිරස ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි විශේෂඥවරයා සඳහන් කරයි.

‌නොවැම්බර් ‌- දෙසැම්බර් මාසවල පවති වර්ෂාව, අධික ශීතල හා එළඹෙන උත්සව සමයත් සමග සංචරණය හා පුද්ගල ඒකරාශී වීම් ඉහළ යාම වැනි හේතු ඉන්ෆ්ලුවන්සාව පැතිරිමට හේතුවක් වන බව හෙතෙම පෙන්වාදේ.

විශේෂයෙන්ම මෙම වයිරසය ගැබිනි මව්වරුන්ට ආසාදනය වුවහොත් මවට මෙන්ම දරු ගැබටද විවිධ සංකූලතාවන් ඇති කරන්නක් විය හැකි බැවින් වඩාත් ආරක්ෂාකාරි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන්නැයි විශේෂඥවරයා දැනුම්දී සීටියි.

එසේම වයස්ගත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ටද මෙම වයිරයෙන් වැඩි බලපෑම් එල්ල කරන බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් යැයිද පැවසේ.

කෙසේ වෙතත් මුවආවරණය පැළදීම, සංචරණය සීමා කිරීම හා නිතර සබන් යොදා දෑත් සේදීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම මගින් රෝගය අසාදනය වීම වලක්වා ගත හැකිය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago