කොළඹ හැර අනෙකුත් සියලුම ප්‍රදේශ වල ඉන්ධන බෙදාහැරීම මේ වන විට ඇණ හිට ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
දින තුනක පමණ කාලයක් තිස්සේම පිට පළාත් වලට ඉන්න තොග ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බවත් සංගමය කියයි.
දින තුනක බැංකු නිවාඩුවක් යෙදීම හේතුවෙන් ඉන්ධන ඇණවුම් කිරීමට මුදල් තැන්පත් කිරීමට පිරවුම්හල් හිමියන්ට අවස්ථාව නොලැබීම මත ඉන්ධන නොමැති වීමෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.
සංගමය පෙන්වා දෙන්නේ සති අන්තයේ දිනවලට හෝ දින දෙක තුනක නිවාඩුවක් පැමිණෙන සතියකට වත් චෙක්පත් මගින් ඉන්න ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන්ට අවස්ථාව ලබා දීමට තෙල් සංස්ථාව කටයුතු නොකළහොත් තව දුරටත් ජනතාව අපහසුතාවයට පත්වූ ඇති බවයි.
කෙසේ නමුත් තෙග් සංස්ථාව සඳහන් කරන්නේ සංස්ථාවේ මුල්‍ය ගැටළු රාශියක් පවතින නිසා චෙක්පත් ක්‍රමයට ඉන්ධන ලබා දීමට නොහැකි බවත් ඉන්ධන නැව් සඳහා විශාල මුදලක් වැය වන බැවින් අපිට මුදල් ලබා ගැනීම හැර මේ මොහොතේ වෙනත් විකල්පයක් නොමැති බවත්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…