මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
ඇයගෙන් පැය 5 කට ආසන්න කාලයක් මෙසේ ප්‍රශ්න කර ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.
සංගීතා වීරරත්න සහ තිළිණි ප්‍රියමාලි සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවීම මත මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අවස්ථා කිහිපයකදීම සංගීතා වීරරත්නට සහ තවත් රංගන ශිල්පිනියකට රහස් පොලිසිය හමුවේ පෙනීසිටින්නැයි දැනුම් දුන්නද ඔවුන් එහි පෙනී නොසිටීම මත ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…