බෝට්ටුවක් පෙරළී දැරියන් 03 ක් අතුරුදහන්

අද උදෑසන සූරියවැව මහවැලිකඩ ආර ප්‍රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙන බව වාර්තා වනවා.

බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි පුද්ගලයින් අට දෙනෙකු සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙක්.

මාස අටක් වයසැති බිළිඳෙකු ඇතුළු ඉතිරි පස් දෙනා ප්‍රදේශවාසීන් විසින් බේරා ගැනීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ දැරියන් සොයා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලීසිය පවසයි.

මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන කුඩා ඔරුවක පුද්ගලයින් 08 දෙනෙකු ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඔරුව පෙරළීගොස් ඇත්තේ වැව මැදදී බවද පොලීසිය සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago