පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා වෙත අදාළ නියෝගය ලබාදුන් බවය.
ඊයේ (12) සවස පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පෙළපාලියක ගමන්ගත් කාන්තාවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන පළ වී තිබුණි.
එම අවස්ථාවේ දී පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, පොලිස් කොස්තාපල්වරියන්ගේ ගෙලෙන් අල්ලා තල්ලු කර දමන අයුරු කැමරාවේ සටහන්ව ඇත.
අදාළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව සිදුකරන විමර්ශනවලදී කාන්තා පොලිස් නිලධාරීන්ට යම් අකටයුත්තක් සිදුව ඇතැයි අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා විසින් ලබාදෙන නිර්දේශ අනුව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
🤣🤣🤣🤣🤣🤣🤣