දෙකෝටියක සිහින – කෘතිය ජනගත කිරීම අද !

ව්‍යවසායකයෙක්, නව මතධාරියෙක්, සිවිල් ක්‍රියාකාරිකයෙක්, දේශකයෙක්, ලේඛකයෙක් මෙන්ම ලංකා තරුණ සංවිධාන ජාලයෙහි සභාපති වන අරුණ ප්‍රදීප් කුමාර මහතාගේ “දෙකෝටියක සිහින” කෘතිය එළිදැක්වීම අද (15) දිනයේ සිදු කිරීමට නියමිතයි.

අද පස්වරු තුනට කෘතිය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන අතර, එහි ප්‍රධාන දේශනය මහාචාර්ය ධම්ම දිසානායක විසින් ද, අදහස් දැක්වීම ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත්, රොහිණී කවිරත්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ආචාර්ය හරිනි අමරසුරිය, මාධ්‍යවේදී තිවංක බැරගම යන මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලබයි.

 
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ අරුණ ප්‍රදීප් කුමාර, මැලේසියාවේ කළමණාකරන හා විද්‍යා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින්නෙක්. තරුණ නියෝජනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය”, ආදී කාරණා පිළිබඳව දශක දෙකකට වැඩි කලක් තිස්සේ මතවාදීමය සහ ප්‍රායෝගික වශයෙන් මැදිහත් වීම් සිදු කළ ඔහු, දෙවසරක් පුරා මව් බිම ජාතික පුවත්පතට ලියන ලද think tank තීරු ලිපි එකතුව අද දිනයේ මෙලෙස “දෙකෝටියක සිහින” ලෙසින් එලි දැක්වීමට නියමිතයි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

2 days ago