මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි !

මේ වනවිට පොලිස් නිලධාරීන් විසින් නිරන්තරයෙන් සහ අඛණ්ඩව සිදුකරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම ඉදිරියට කැඳවීමට එම කොමිසම තීරණය කර තිබේ.

මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලබන 21 වැනිදා උදේ 10ට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවය.

නීතිය ආරක්ෂා කිරීමට බැඳී ඇති නිලධාරීන්ගේ මේ හැසිරීම අනුමත කළ නොහැකි බවත්, මෙවන් මානව හිමිකම් උල්ලංඝණය වීමේ තත්තවයන් ඉදිරියේ දී ඇති නොවීමට ගත හැකි පියවර පිළිබඳ උක්ත පාර්ශවයන්ගෙන් කරුණු විමසීම සිදුකරන ලබන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම නිවේදනයේ සඳහන් කරයි.

මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago