අරගලයේ හානිය තක්සේරු කර අවසන් !

අරගලය පැවතිදා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී.දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අයගේ නිවාස සහ දේපළවලට එලෙස අලාභ හානි සිදු වී තිබෙනවා.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස නමයක් ඇතුළු දේපළ මෙන් ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස හතරක් ඇතුළු දේපළවලට එම අලාභය සිදු වී ඇතැයි ගණන් බලා තිබෙනවා.

අලාභානි වූ දේ අතර දේපළ වාහන රැසක් ද වෙනවා.

වැඩි ම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලටයි.

එය රුපියල් කෝටි 46ක්.

අනතුරුව දෙවන වැඩි ම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපළවලට සිදුවූ අලාභයි.

එය දාහතර කෝටි හාරලක්ෂ අසූ හය දහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට සහ දේපලවලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව තිබී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

Ceylon News Factory

View Comments

  • මුන්ගේ ගෙවල් වලට වඩා රටට වෙච්චි පාඩුව හිතා ගන්න බෑ.. ඒක මිල කරන්න බෑ...

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago