රුධිර පාරවිලයනයේ දී රෝගියාට ලබා දෙන රුධිරයේ එච්.අයි.වී, සිපිලිස්, මැලේරියාව, හෙපටයිටීස් බී සහ සී , රෝගකාරක විසබීජයන් පවතින්නේද යන්න පිලිබදව පරික්ෂා කරන එලයිසා (ELISA) රුධිර පරික්ෂාව සඳහා සැපයුම්කරු සතියෙන් සතිය ලබාදෙන ප්‍රතික්‍රියක මත යැපෙන්නට සිදුවී ඇති බවත්, ඔහු එක් සතියක හෝ උක්ත ප්‍රතික්‍රියක සැපයීමට අපොහොසත් වුවහොත් ඒ මොහොතේ සිට රටේ සියලුම රුධිර පාවිලයන ක්‍රියාවලිය නැවතෙන බවත් රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි .
එලයිසා (ELISA) රුධිර පරීක්ෂාව සිදු නොකර කිසිම රෝගියෙකුට රුධිරය ලබා නොදෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම රුධිර පරීක්ෂාව සඳහා ප්‍රතික්‍රියක සපයන සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දීමට නියමිත හිඟ ණය මුදල ලබා නොදීම හේතුවෙන් ප්‍රතික්‍රීයක සැපයීම නතර කිරීමට තීරණය කළබව වාර්තා විය.
එහෙත් අනතුරුව ඔහුට ගෙවිය යුතු මිලියන ගණනක ණය මුදල ගෙවනතුරු සතියෙන් සතිය මුදල් දී එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
යම් හේතුවකින් එක සතියක්හෝ මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නොහැකි වුවහොත් එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබෙනු ඇතැයි ද ඒ මොහොතේ රටේ සියලුම රුධිර පාරවිලයන ක්‍රියාවලිය නවතිනු ඇතැයි ද රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග හෙළි කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…