වත්මන් මැලේසියාව ගොඩනැගූ අසහාය නායක මහතීර් මොහොමඩ් සිය දශක හතක දේශපාලන ජීවිතයේ විශාලම බිඳ වැටීම සනිටුහන් කරමින් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට ඊයේ (19) මුහුණ දුන්නේය.
දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 97 වැනි වියේ පසුවන මහතීර් මොහොමඩ්ට සිය මන්ත්‍රී ධූරය අහිමි වූවා පමණක් නොව, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකකට වඩා ලබා ගැනීමට නොහැකි වූ නිසා ඇප මුදල්ද අහිමි වූයේය.
“ඔහුගේ පක්ෂයට එක ආසනයක්වත් දිනාගන්න බැරිවෙලා තියෙනවා. ඒ පරාජය සිදුවූ ආකාරය පුදුම සහගතයි” අල්-ජසීරා වාර්තා කළේය. ලන්කාවි දූපත් මැතිවරණ කොට්ඨාසයේ සිය පාර්ලිමේන්තු අසුන රඳවා ගැනීමට ඔහු අපොහොසත් වූයේ පස්කොන් සටනකින් සිව්වන ස්ථානයට පත් වෙමිනි.
1981 සිට 2003 දී විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරන තෙක් ඔහු වසර 22 ක් මැලේසියාවේ අගමැති විය. මහතීර් නැවත 2018 දී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ මැලේසියාවේ රාජ්‍ය භාණ්ඩාගරය තුළ සිදුවන අපකීර්තිමත් ගනුදෙනු හෙළිදරවු වීමෙන් පසුය.
මහතීර් මෙහොමඩ් 2018 දී දෙවන වරටත් අගමැති ධුරයට පත් වන්නේ ඔහුගේ 93 වැනි උපන්දිනයට මාස දෙකක් තිබියදීය. “ලෝකයේ වයස්ගතම අගමැති” ලෙස ගිනස් ලෝක වාර්තාව ද ඔහු විසින් තබා ඇත
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…