කොන්සියුලර් ගාස්තු වැඩිවෙයි !

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මගින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ඉහළ දමා තිබේ.

උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු, මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු, විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මෙන්ම ලේඛනවල නිත්‍යානුකූලභාවය සනාථ කිරීමේ සහතික ගාස්තු ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago