ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම් !

ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ පවසයි.
පෙරේදා සිය අය-වැය කතාව කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂත් ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ එකඟතාවයක් නැති බවය. ඊයේ ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහිව අවශ්‍යනම් විපක්ෂ නායකවරයාගේ සහාය ලබා ගත හැකි බව පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ වනවිට ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන් මත ගැටුමක් පවතින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ප්‍රකාශ කරන්නේ මෙැවැනි පසුබිමකය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පල කර ඇත.

රාජ්‍ය ව්‍යවසායන් ගැන ගන්නා තීරණ පිළිබඳව පොදුජන පෙරමුණ ලෙස තමන්ව දැනුම්වත් කරන ලෙස ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

ඔහු පවසා තිබුණේ මෙසේය.

“අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. “

“නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක කොහොමද මුහුණදෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. පහුගිය ටිකේම අපේ ලේකම්තුමත් මමත් අගමැතිතුමත් විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ පිළිබඳව අපි ගතයුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා. “

“ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ජනාධිපතිතුමත් එක්ක ‌මේවා පුද්ගලීකරණය කරන්න නැත්තනම් අනෙකුත් කටයුතු කරන්න ප්‍රථමයෙන් අපිවත් දැනුවත් කරන්න කොහොමද කරන්නේ අපේ සාමාජිකයින්, වැඩකරන පන්තිය ආරක්ෂා කරන්න. “

“ඒ හින්දා අපි ඒ වෙනුවෙන් නිතිපතා පෙනී සිටිනවා කියන එකත් මේ මොහොතේදී තමුන්නාසේලා එක්ක කියනවා. මොකද අපි වෘත්තීය සමිතියක් හැටියට කේලම් කිය කියා ඇවිදින කණ්ඩායමක් නෙමෙයි.”

Ceylon News Factory

View Comments

  • ල0කාවේ ලොකුම පාවාදීම තමයි,පොහොට්ටුව විසින් 69ලක්ශ්‍යක් ජනතාව ප්‍රතික්ෂේප කරපූ ‍රනිල්ව ජනාධිපති කරපු එක.ඒ නිසා ඔවුන්ට ඊලග චන්දේ දී ඊට වන්දි ගෙවන්න වෙනවා,

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago