හියුමන් රයිට්ස් වොච්ලාගෙන් ජනපතිට පිළිතුරු

ජනාධිපතිවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය අද (24) නිවේදනයක් නිකුත් කළේය.

සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට මෙරට මූල්‍ය පාර්ශ්වකරුවන් සහාය විය යුතු බවත් ඔවුන්ගේ අයිතීන් ප්‍රවර්ධනයට කටයුතු කළ යුතු බවත් හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසයි.

හියුමන් රයිට්ස් වොච් අවධාරණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් මෙරට අර්බුදයට විසඳුම් සෙවීමේදී මානව හිමිකම් වගකීම් සපුරාලන ලෙස රජයට බලකළ යුතු බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago