උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී පත්වීම් රැසකට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදය ඉන්ද්‍රරත්න මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතාගේ පත්වීමට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්දන මහත්මියගේ පත්වීමට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියගේ පත්වීමට සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.ඩී.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාන්චන රත්වත්තේ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍යවරයන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, රිෂාඩ් බදියුද්දීන්, උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago