චීනයේ කොවිඩ් නැවතත් හිස ඔසවයි

නැගෙනහිර චීනයේ නැංජිං නුවර ජියැංෂු ප්‍රාන්තයේ මහා පරිමාණයේ PCR පරීක්ෂණ මාලාවක් ආරම්භ කිරීමට චීන රජය නියෝග කර තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

චීන රජය මේ පියවර ගෙන ඇත්තේ අඛණ්ඩව දෙවැනි දිනයටත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන්.

මීට වසර දෙකකට පෙර කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු චීනයෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා 31,527ක් ලෙස වාර්තා වූ අතර, ඊයේ දිනයට ගත වූ පැය විසිහතර තුළ නව ආසාදිතයන් 33,000ක් වාර්තා වී තිබෙනවා.

එය මෙතෙක් චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බව එරට කොවිඩ් දත්ත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙනවා.

හඳුනාගත් බොහෝ කොවිඩ් ආසාදිතයන්ට මූලික රෝග ලක්ෂණ නැති බැවින් ඉදිරියේදී ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

චීනයේ නව කොවිඩ් වසංගතය හිස ඔසවා ඇත්තේ කොවිඩ් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් චීනයේ කොවිඩි මර්දනයට එරට රජය දැඩි ක්‍රියාමාර්ග ගත් පසුබිමකදී වීම විශේෂත්වයක්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago