කිරිපිටි හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නියමිත කාලයට නිදහස් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවට ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා චෝදනා කළා.

එම සංගමයේ සාමාජිකයෙකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේ රට තුළ යලිත් කිරිපිටි හිඟයක් මතුවීමට ඉඩ හැර ජනතාව අපහසුතාවට පත්කිරීමේ කූට වැඩපිළිවෙලක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙන බවයි.

එල්ලවන චෝදනාවන්ට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදි පිළිතුරු ලබා දුන්නා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago