සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් කඩුලු 4 ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran නොදැවී ලකුණු 162 ක් හා Najibullah Zadran ලකුණු 77 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා ධනංජය ද සිල්වා හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 6 දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 67 ක්, දසුන් ශානක ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 35 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා කැඳවා ගෙන ගිය චරිත් අසලංක නොදැවී ලකුණු 83 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…