එළඹෙන වසරේ දැවැන්ත විදුලි අර්බුදයක් ගැන ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක් !

ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් නොකරන්නේ නම් එළඹෙන වසරේ මාර්තු මාසයේදී විශාල විදුලි අර්බුදයට මුහුණදීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජලාශවල ජලය නොමැතිවීම, ශීත කාලගුණයත් සමඟ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හා අවශ්‍ය ප්‍රමාණයට ගල් අඟුරු නොමැතිවීම නිසා මෙලෙස විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එය මෙම වසරටත් වඩා උග්‍රවිය හැකි බවත් එම නිසා මේ සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය නිසා ගෙදර යන්න සිද්ධවුණා.
එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවා නම් රටට අද මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඔන්න දැන් ලබන මාසයේ ඉඳලා නැවතත් තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා. නමුත් අද තත්ත්වය එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 35%ක් පමණ මෙගා වොට් 810ක් හදන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන්. අද විදුලිබල මණ්ඩලයම කියනවා ඔවුන් සතු ගල්අඟුරු තොගය මාස දෙකකට වත් ප්‍රමාණවත් නෑ කියලා. අනෙක් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා.
උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළෙඳපොළේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි හා මාර්තුවල ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යනවා. එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිල එක්ක ඉන්ධන මිල දී ගන්න ඩොලර් ප්‍රමාණයත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වනවිට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ උද්දච්චව කටයුත්තු කරන්නේ නැතුව විෂය ගැන දන්න අයගේ උපදෙස්වලට ඇහුන්කම් දීලා දැන් ඉඳලාම වැඩපිළිවෙලක් හදන්න.”

ප්‍රශ්නය – ලබන වසරේ විදුලි කප්පාදුව කොතරම් සිදුවේ යැයි ඔබතුමා සිතනවා ද?

“නිසි සැලසුමක් සහිතව වැඩ නොකළොත් ලබන වසරේ මාර්තු වන විට මේ වසරේ වගේම පැය 12ක 14ක විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තියනවා.”

ප්‍රශ්නය – විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ ?

“ඇත්තටම විදුලිබිල වැඩි කරන්න සිද්ධවෙලා තියෙන්නේ ආණ්ඩුවට විදුලි ජනනය සම්බන්ධයෙන් සැලසුමක් නොමැති නිසා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යද්දී වැඩි වැඩියෙන් තෙල් මත රැඳෙමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී විදුලිබිල වැඩි වෙනවා. අද තෙල්වලට ගෙවන ගාණෙන් 50%ක් සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබාදුන්නා නම්, ඒ වගේම තමන් සල්ලි හොයාගෙන සුර්ය පැනල සවි කරපු අයගෙන් තෙල්වල මිලෙන් සියයට 50 %ක මිලටවත් විදුලි ඒකකයක් මිලට ගත්තානම් ඒක ආණ්ඩුවටත් වාසී, ජනතාවටත් වාසී. වසර ගණනාවක් මේවා අපි කට කැඩෙනකම් කියනවා. නමුත් අවාසනාවකට සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතන තියනවා මාෆියාවක්.” 

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago