චාමික කරුණාරත්න තෝරා නොගත්තේ ඇයි ? – තේරීම් කමිටු සභාපතිගේ ලිපියකින් රහස් රැසක් එළියට !

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න තෝරා නො ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එහි දී තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කරන්නේ චාමික කණ්ඩායමට ඇතුළු කර ගැනීමට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අකමැත්තක් දැක් වූ බව යි.

මෙහි දී තෝරා ගැනීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා අතරතුර චාමික කරුණාරත්න පිළිබඳ ව සිදුකෙරුණු සාකච්ඡාවේ දී, ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ‍ප්‍රධාන පුහුණුකරු දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ ලිපියේ සඳහන් වන ආකාරයට ප්‍රධාන පුහුණුකරු චාමික කරුණාරත්න සම්බන්ධ සිදුවීම් කිහිපයක් ම සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නැවත කණ්ඩායමට එකතු කර ගැනීමට නම් පළමුව පුහුණුකරුගේ විශ්වාසය දිනාගත යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර චාමික කරුණාරත්න සම්බන්ධව මතු වූ ඇතැම් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ට චාමික සම්බන්ධයෙන් විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳී ඇති බවයි මෙම ලිපියේ සඳහන් වන්නේ.

පසුගියදා ඔස්ට්‍රෙලියාවේ දී නිමා වූ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනකුට ම විනය විරෝධී හැසිරීම් සම්බන්ධ චෝදනා එල්ල වූ අතර ස්ත්‍රී දූෂණ චෝදනාවක් ලැබූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විටත් නඩු පවරා තිබෙනවා.

ඊට අමතරව චාමික කරුණාරත්න සම්බන්ධ සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහි සඳහන් වූයේ ඔහු සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති කරගත් ආරවුල අතරතුර සිදු වූ ගුටිබැට හුවමාරුව පාලනය කර චාමික කරුණාරත්න එම ස්ථානයෙන් රැගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ මැදිහත් වූ බව යි.

කෙසේ වෙතත් මෙම සිදුවීම්වලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට ට පැමිණීමෙන් පසු කණ්ඩායම් කළමනාකරුගේ වාර්තාව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චාමික කරුණාරත්න ට වසරක තරග තහනමක් පනවා එය අත්හිටවූ අතර ඊට අමතරව ඇමරිකානු ඩොලර් 5,000 ක දඩ මුදලක් ද පනවනු ලැබුවා

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago