බ්‍රසීලයේ දැවැන්තම සහ ධනවත්ම නගරය වන සාඕ පවුලෝහි මෙවැනි අපරාධ සුලබවෙමින් පවතියි. එරට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් (SSP යන පෘතුගීසි කෙටි යෙදුමෙන් හැඳින්වෙයි) ප්‍රකාශ කළේ පරිදි, ප්‍රාදේශීය පොලිසියේ සටහන් කෙරෙන පැහැරගැනීම්වලින් “90%කට වැඩි” ප්‍රමාණයක් සිදුව ඇත්තේ ටින්ඩර් වැනි ඩේටින් ඇප්වල සැදූ ව්‍යාජ ගිණුම් ඇමක් ලෙස භාවිතාකර පුද්ගලයින් ආකර්ෂණයකර ගැනීම මඟිනි.
වින්දිතයාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකන අතරේ වින්දිතයා මනෝවිද්‍යාත්මක හා ඇතැම්විට ශාරීරික වධයන්ට භාජනය කෙරෙයි.
2022 වර්ෂය තුළ පමණක්, සාඕ පවුලෝ සිවිල් පොලීසියේ පැහැරගැනීම් විරෝධී නිලධාරීන් මීට සම සිදුවීම් 94ක් සම්බන්ධයෙන් කටයුතුකර ඇති අතර, සැකකරුවන් 250කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධකරුවන්ගේ මූලික ඉලක්කයවී ඇත්තේ වයස අවු. 40ට වැඩි අවිවාහක පුරුෂයින් ය.
වින්දිතයන්ගෙන් අයෙකු නගරයේ කීර්තිමත් රෝහල වන දාස් ක්ලිනිකාස්හි වෛද්‍යවරයෙකු, නොවැම්බර් මස මුල දී ඩේටින් ඇප් එක හරහා හමුවීමක් සැලසුම් කිරීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක්ව පැය 14ක් අපරාධකරුවන් බාරයේ පසුවිය.
ඔහු නිදහස් කෙරුනේ, අපරාධකරුවන් ඩොලර් 14 000කට ආසන්න ණය, මිලට ගැනීම්, සහ වෙනත් ගිණුම්වලට මුදල් හුවමාරු කිරීම් ආදී විවිධ බැංකු ගනුදෙනු රැසක් සිදුකිරීමෙන් පසු පමණි.
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. ඇහැටුවැව මුදියන්නෑගම ගාලයාය…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු…
මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස…
පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද…