පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.
මේ අතර අද (01) කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතරද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය.
වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,100ත් 2,000ත් අතර වෙයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් අලෙවි වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බවද සමීක්ෂණවලින් අනාවරණ වී ඇත.
එමෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යප්ත කරවීමටද ජාවාරම්කරුවන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් දියත්කර ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…