රැකියා ආතතිය නිසා පරිගණක ඉංජිනේරුවෙක් සිය ජීවිතයෙන් සමුගනී !

කොළඹ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරමින් සිටි මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී පරිගණක ඉංජිනේරුවෙකු අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ. ලියුමක් ලියා තබා සියදිවි හානි කරගෙන ඇති ඔහු හේතු වශයෙන් දක්වා ඇත්තේ රැකියා ආතතිය මත එල්ලවූ පීඩනය නිසා දිවි තොර කරගන්නා බවයි.
තණමල්විල ප්‍රදේශයේ සිට පැමිණි මිහිරාන් චතුරංග නමැති මෙම තරුණයා සේවය කරමින් සිටියේ Arimac නමැති ආයතනයේය. ඔහු හතර වතාවක් ඉල්ලා අස්වෙන්න උත්සාහ කර ඇතත් පවතින ගිවිසුම් නිසා නිසා එසේ කළ නොහැකි බවට ඔහුට එහි මානව සම්පත් අංශය දන්වා තිබී ඇත.

රාත්‍රී 10න් පසුවද සේවය වෙනුවෙන් ලැබෙන දුරකථන ඇමතුම් තිබීම (නිශ්චිතවම වෙන්වූ සේවා මුරයක් නොමැති වීම)
නිවාඩු දිනවල ලැබෙන දුරකථන ඇමතුම් (නිවාඩු දිනයකද නිවාඩුවක් ලබාගැනීමට නොහැකිවීම)
අන් අයගේ බාගෙට අවසන් කරන ලද ව්‍යාපෘති සහ අන් අයට පැවරෙන ව්‍යාපෘති තමාට පැවරීම (workload එක වැඩිවීම නිසා මානසික නිදහස අවම වීම)
වැටුප් වැඩිවීම් සිදු නොවීම (කීපවතාවක් දැනුම් දීම් සිදුකරත් අවසානය වෙනතුරු පඩි වැඩි නොවීම)
වැනි කාරණා ඔහුගේ කලකිරීමට හේතුවී තිබේ.

අමතර වැඩ බර, ආතතිය, වැඩ පීඩනය සහ අතිකාල වැඩ මත මානසික සෞඛ්‍යය සමබරතාව අහිමිවීමෙන් මෙලෙස ඔහු සිය වටිනා ජීවිතය අහිමි කරගෙන ඇති බවක් හදුනාගන්නට ලැබේ.

තණමල්විල ප්‍රදේශයේ සිට ඉහළින් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය හිමිකරගෙන තිබුණ මිහිරාන් චතුරංග Arimac හි සේවය කළේ මදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙසිනි.
තම ගැටලු ගැනකීප වතාවක් ම ආයතන ප්‍රධානීන් දැනුවත් කළ ද එය පල රහිත වීම නිසා රැකියාවෙන් ඉල්ලා අස්වීමට හතර වතාවක් ඉල්ලා සිටියද සේවා ගිවිසුම් ආදිය පෙන්වමින් ආයතන ප්‍රධානීන් ඔහුව ආයතනයේ ම රඳවා ගැනීමට කටයුතු කර බැරිම තැන ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago