Categories: විදේශ

“මම හිට්ලර් වගේ..” කියන්න ගිහිං කාන්යේට ට්විටර් ගිණුමත් අහිමි වෙයි !

1977 ජූනි 8 වන දින උපත ලැබූ කාන්යේ වෙස්ට් ඇමරිකානු රැප් ගායකයෙක්, ගීත රචකයෙක්, වාර්තා නිෂ්පාදකයෙක් සහ විලාසිතා නිර්මාණකරුවෙකි. හිප්-හොප් ගායනයෙන් ප්‍රසිද්ධියට පත් මොහු සුරූපී Kim Kardashian ගේ ස්වාමි පුරුෂයා ද විය. අප මේ සැරසෙන්නේ කාන්යේ වෙස්ට් ගේ තරාතිරමවත් ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳවවත් කතා කිරීමට නොව ඔහුට සිඳු වූ අකරතැබ්බයක් ගැන කතා කිරීමට ය.

සමාජ මාධ්‍ය ජාලා යනු අපට අවශ්‍ය ඕනෑම පණිවිඩයක් යැවීමටත්, දැන ගැනීමටත් පහසුම මාර්ගයකි. මෙය පුද්ගලයින් විවිධාකාරයෙන් භාවිතා කරයි. සමහරුන් දැනුම සඳහා, තවත් අය ඕපාදූප සඳහා, තවත් අය සට කපටි මගඬිකම් සඳහා ද මෙම සමාජ මාධ්‍ය ජාලා යොදා ගනී. මේ කිසිවක් නොව කාන්යේ වෙස්ට්ට සිදු වී ඇත්තේ “කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා” සීන් එකකි.

කාන්යේ වෙස්ට් විසින් නාසිවාදී ස්වස්තිකා අදහස් තම ට්විටර් ගිණුමෙහි පළ කිරීමෙන් සුළු මොහොතකට පසු ඔහුගේ ගිණුම එලොන් මස්ක් මැදිහත් වීමෙන් අත්හිටුවීමට පියවර ගෙන තිබුනේය.

දක්ෂිණාංශික කුමන්ත්‍රණ න්‍යායාචාර්ය ඇලෙක්ස් ජෝන්ස් විසින් මෙහෙයවන ලද ඉන්ෆෝවර්ස් හි සම්මුඛ සාකච්ඡාවකදී හිට්ලර් සහ නාසීන් ප්‍රශංසා කර නාසිවාදී හැඟීම් ජනිතකරවන ප්‍රකාශයක් සිඳුකර පැය කිහිපයකට පසුව මෙසේ ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවන ලදී.

කාන්යේ යනු තහනම් කර හෝ සීමා කර තිබූ ගිණුම් තිබූ ඉහළ පෙළේ ට්විටර් පරිශීලකයින් කිහිප දෙනෙකුගෙන් කෙනෙක් වූ අතර ඊලොන් මස්ක් හිමිකරු ලෙස පත්වීමෙන් පසු ඒවා නැවත ස්ථාපනය කළ අතර මීට පෙර ද මෙවැනි අවස්තාවක දී ට්වීට් කිරීම සඳහා මොහුගේ ගිණුම සීමාවන් පනවා තබා නොවැම්බර් 21 දින අගුලු හරින ලදී. අන්තිමේට කාන්යේට වුනේ “මං ආවා…ආයේ ගියා” වගේ සිඳුවීමකි.

“මම මගේ උපරිමය උත්සාහ කළා. එසේ තිබියදීත්, ඔහු නැවතත් ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමට එරෙහි අපගේ නීතිය කඩ කළා. එම නිසා ඔහුගේ ගිණුම අත්හිටවූවා” යනුවෙන් මස්ක් මේ පිළිබඳ තම ගිණුමෙහි ට්වීට් කර තිබුනේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ගේ ගිණුම් ද නැවත ස්ථාපිත කිරීම මෙන්ම, කලින් අත්හිටුවන ලද ගිණුම් සඳහා “පොදු සමාවක්” ප්‍රකාශයට පත් කිරීමද මස්ක් සිදු කල ද කාන්යේගේ අත්හිටුවීම ස්ථිරද යන්න මස්ක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

කාන්යේ ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මස්ක් සමඟ තර්ක කිරීමට උත්සහ කළ ද මස්ක් නම් ඒවා කනකටවත් නොගත්තානම් නිසැකය. “කණගාටුයි, නමුත් ඔබ බොහෝ දුර ගොස් ඇත. මෙය ආදරයක් නොවේ” ලෙස මස්ක් පිළිතුරු වශයෙන් කියා සිටියේ ය.

“මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි … සෑම මිනිසෙකුටම ඔවුන් මේසයට ගෙන ආ වටිනා දෙයක් ඇත, විශේෂයෙන් හිට්ලර්.” ලෙස පැවසූ කාන්යේට වෙච්ච දෙයක්!

කාන්යේ පැවසූ දෙය හොඳ දෙයක් නොවන බව එකළ සිඳු වූ සිඳුවීම් සහ හිට්ලර්ගේ ක්‍රියාකලාපය දන්නා ඕනෑම අයෙකු නොදන්නවා නොවේ. නමුත් ඒ ඔහුගේ මතයයි. එවැනි මිනිසුන් සිටීම නිසයි තර්කයට පණක් ලැබෙන්නේ!

හිතවත් මස්ක්.. කාන්යේ ගේ හැසිරීමට ඔබ දක්වපු ප්‍රතිචාරය නම් හොඳයි.. ඒත් ඔබම නේද අර එක පාරක් ජනතාව කුපිත කරවලා මිනිසුන් 04 දෙනෙකුගේ ජීවිත බිලිගන්න හේතුවුන ට්විටර් පණිවිඩවලට සදහටම ගිණුම අහිමි වුන ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නැහැටත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්න ඕනේ කියලා ඔහුගේ ගිණුම යථා තත්ත්වයට පත්කරනවා කිව්වේ? ඔබ ඔබගේ “භාෂණයේ නිදහස” පිළිබඳ ප්‍රතිපත්ති වෙනස්කර ගත්තා නම් ඉතාම හොඳයි.. හැබැයි මතක තියාගන්න. කාන්යේ ට ස්වස්තිකය පෙන්නුව කියලා ට්විටර් ගිණුම අහිමි වුනාට සමහර රටවල රාජ්‍ය අනුග්‍රහය ඇතුව ජන අරගල මර්දනය කරන “මම හිට්ලර් වගේ” කියලා එලිමනාපිටම කියා ගන්න රාජ්‍ය නායකයොත් ඉන්න බව.. ඉතින් මස්ක් ඒ ගොයියොයි මේ ගොයියොයි ඔක්කොම එකයි කියල හිතලා මීටපස්සේ කටයුතු කළානම් හොඳයි කියා සිතමි.

Ceylon News Factory

Recent Posts

ව්‍යාපෘති සැලසුම් කළ කාල පරිච්ඡේදය තුළ අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්!

මෙවර අයවැය මඟින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින්…

6 hours ago

විදුලිබල පනත් කෙටුම්පත​ට එරෙහි​ව පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…

7 hours ago

වරායෙන් පිට වූ කන්ටේනර් පෙට්ටි කතාවට දයාසිරි අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට!

කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද…

8 hours ago

කෙහෙල්බද්දර පද්මේට විදේශ ගමන් බලපත්‍ර හැදූ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

විදේශ ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස්කිරීමේ සිද්ධිය…

8 hours ago

ගාසා තීරයේ සටන් විරාම යෝජනාව එක්සත් ජනපදය පස්වන වරටත් ප්‍රතික්ෂේප කරයි!

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත්…

8 hours ago

අඩි 09​ක් දිග කිඹුලෙ​ක් වව්නියා​වේ ගෙවත්ත​කට ඇවිල්ලා!

වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ (5) අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු පැමිණ තිබේ. වවුනියාව…

9 hours ago