ශ්‍රී ලංකා ජර්සියේ සන්නාමය මුද්‍රණය කළ Fairplay ඉන්දීය බුකි කාරයෙක් – පරීක්ෂණයක් අරඹයි !

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා ජර්සිවල ඉන්දීය ඔට්ටු ඇල්ලීමේ නියෝජිතයෙක් වන Fairplay හි අනුබද්ධ ආයතනයක්වූ Fairplay News ලාංඡනය අමු අමුවේ පැළඳ සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

Fairplay news, ඉන්දියානු ඔට්ටු ඇල්ලීමේ සමාගමක් වන Fairplay හි අනුබද්ධිත ආයතනයක් වන අතර, Fairplay news ලාංඡනය ආසියානු කුසලානයේ දී ජාතික කණ්ඩායමේ ජර්සිවල මුද්‍රණය කර තිබිණි. එල්පීඑල්. තරගාවලියේ දී Kandy Warriors (දැන් Kandy Falcons) මත එම ලාංඡනය මුද්‍රණය වී තිබේ. .

කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙක සහ රටේ ධනවත්ම ක්‍රීඩා ආයතනය ද මෙම බුකි කරුවාට හසු වී ඇති බව මේ වනවිට තොරතුරු ලැබී තිබේ.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිත ඉල්ලීමක් කරමින් ආචාරධර්ම ගැටුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ආචාර්ය ද සිල්වා අනාවරණය කළේය.

“ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ සමාගමක් එල්.පී.එල් තරගාවලියට සම්බන්ධව සිටින බවට චෝදනා රාශියක් තියනවා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එක්ක ගිවිසුමක් ආවම ඒ ගිවිසුම ක්‍රීඩා ඇමතිට යවන්න ඕන. සැකයක් තියෙනවා නම් අපි ඒක නීතිපතිවරයාට යවනවා. මේ කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ”, ලේකම්වරයා පැහැදිලි කළේය.

“ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා නෑ… නමුත් ක්‍රීඩා උපදේශක සභාවේ (ජාතික ක්‍රීඩා කවුන්සිලයේ) සභාපතිවරයා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බැවින් අපි සමස්ත කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනවා.”

කෙසේ වෙතත් මෙම ගැටලුව හේතුවෙන් තරඟාවලිය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා තහවුරු කළේය.

එය අමාත්‍යවරයා ඉදිරියේදී ගත යුතු තීරණයක් බවද ඔහු පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago