ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින්.
ධීවර අමාත්‍යංශය ගැන කතා කරනකොට කලකිරීමක් වේදනාවක් දැනෙන බවද වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින් ධීවරයා අනාථ වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉන්ධන ප්රශ්නය ධීවර කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන බවද රට වටේ ම මූදේ මත්ස්‍ය සම්පත විදේශ රට වලින් ඇවිත් කොල්ල කන අතර ඉහළ පෙලේ නායකයන් ද අමාත්‍යංශ නිලධාරීන් ද ඊට අවශ්‍ය කියවිලි සකස් කරදී කර දී පහසුකම් සලසන බව ද දිලිප් වෙදාරච්චි මහතා පැවසීය.
අමාත්‍යංශයේ ආයතන බිස්නස් ආයතන බවට පත්කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ඩීසල් භූමිතෙල් වැඩිවීම නිසා බහු බහුදින යාත්‍රා රැකියාවේ යාම 50% කින් අඩු වී තිබෙන බවද සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…