ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ඇත.
හොලිවුඩ් චිත්‍රපට මෙන්ම, අසල්වැසි දකුණු කොරියානු ටෙලි කතා සහ චිත්‍රපට ද උතුරු කොරියාවේ තහනම්ය.
මරණය හිමිවී ඇත්තේ අවුරුදු 16 ත් 17 ත් වයසේ ගැටවරයන් දෙදෙනකුටය.
මොවුන් දෙදෙනා උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, ඔවුන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇත්තේ පාසලේ දී යැයි ද පැවැසෙයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ හමුදාවේ මැදිහත් වීමෙනි. ගැටවරයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ට වෙඩි තැබීම සිදු කෙරුණි.
විදෙස් මාධ්‍ය මේ පිළිබඳ පුවත් ඊයේ (6) පළ කළත් මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ බව ද පැවැසෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…