වකුගඩු ජාවාරමට ගෑවුණු බොරැල්ල රෝහලේ හිමිකාර ප්‍රකට මහාචාර්යවරයා ඇතුළු 6කට විදෙස් ගමන් තහනම් !

බොරැල්ල කොටා පාරේ පිහිටි වෙස්ටන් රෝහලේ සිදුව ඇති බව කියන මුදලට වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් කරුණු විභාග කරන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම රෝහලේ හිමිකරු ලෙස පැවසෙන ප්‍රකට වකුගඩු රෝග පිළිබඳව මහාචාර්යවරයකු වන වෛද්‍ය රිස්වි ෂෙරිෆ් ඇතුළු අධ්‍යක්ෂවරුන් සය දෙනකුට විදේශ ගමන් තහනමක් පනවමින් නියෝගයක් නිකුත් කළේය.

එසේම මෙම සිද්ධියට සම්බන්ධ වකුගඩු දායකයින්ට රෝහල වෙත ගොස් මුදල් ඉල්ලා කරදර නොකරන ලෙසට තර්ජනය කළ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළාය.

මෙම රෝහලේ දැනට වකුගඩු බද්ධ කිරීම් සැත්කම් 52ක් සිදු කර ඇති බවත් ඉන් හයක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, සෙසු බද්ධ කිරීම් පිළිබඳව විමර්ශනය සිදු කරන බවත් වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධ විමර්ශනය සිදු කිරීමේදී කරුණු අනාවරණය වු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (6) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙස්ටන් රෝහලේ අධ්‍යක්ෂකවරුන් වන වෛද්‍ය මොහොමඩ් හුසෙන් රිස්වි සරිෆ්, වෛද්‍ය තැබිලා රිස්වි සරිෆ්, වෛද්‍ය මෙ‍හොමඩ් රිකාන් සරිෆ්, වෛද්‍ය ඔමාර් සරිෆ්, වෛද්‍ය තැමිබා සරිෆ් ඇතුළු අමිතා කමලිනි කස්තුරිආරච්චි යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය වෙත ආවරණ සහිතව ඉදිරිපත් කළ අතර, පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක ස්ථානාධිපති රත්නමලල, වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහත්වරු පෙනී සිටියහ.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ මෙය විශේෂ නඩුවක් හේතුවෙන් මෝෂන් පත්‍රයක් ගොනු කරමින් කැඳවා නීතිපතිවරයා මැදිහත් වීමට අපේක්ෂා කරන බවය.

ආර්ථික මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ශරීර අවයව මුදලට ධනවත් හා දේශීය විදේශීය පුද්ගලයින්ට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් බවට හඳුන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම සිදු කළේය.

2022/11/21 මාධ්‍යයක් හරහා ප්‍රථමවරට මෙම නඩුවට අදාළ කරුණු අනාවරණයක් සිදු වන බව සඳහන් කළ දිලීප පීරිස් මහතා බොරැල්ල පොලිසියට ලද පැමිණිලි අනුව බස්නාහිර පළාත් පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එහි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති බවය.

සිද්ධියට අදාළව සංක්ෂිප්ත වාර්තාවක් ඉකුත් 29 වැනි දින අධිකරණයට ගොනු කර ඇති බවත් වයස අවුරුදු 30-42 අතර සිටින තරුණ ස්ත්‍රි පුරුෂ පස්දෙනෙකු මෙහි වින්දිතයින් වන බවය.

පුරුෂයින් හතරදෙනෙකු හා එක් කාන්තාවක මෙම වකුගඩු ජාවාරමේ පැමිණිලිකරුවන් වන බව පැවසූ දිලීප පීරිස් මහතා තැරැව්කරුවන් දෙදෙනෙකු සිටින අතර, ලක්ෂ 50 -120 අතර මුදලකට මෙම අවයව හුවමාරු වී ඇති බව සඳහන් කළේය.

– දිනමිණ පුවත්පතේ වාර්තාවක් ඇසුරිනි –

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago