අයවැය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (08) පැය 4 ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉහළ යන ජීවන වියදම, මර්දනය නවතනු, බදුබර හා බඩුමිල අඩු කරනු,සෞඛ්‍ය සේවයට 5% ක් වෙන් කරනු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට යටවන අයවැය පරදමු යන කරුණු මුල් කර ගනිමින් මෙය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවයට පත්ව තිබෙනවා.
මේ අතර, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ද අද (08 ) ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කර තිබේ.
විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරතවනු ඇත.
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සම කැඳවුම්කරු රංජන් සේනානායක අවධාරණය කළේ, තැපැල්, බැංකු, ටෙලිකොම්, රක්ෂණ , විදුලිබල, ඛනිජ තෙල් යන රාජ්‍යය ව්‍යවසායන් මෙන්ම පුද්ගලික අංශයේ වෘත්තිය සමිති අද දිනයේ කොළඹ නගරයේ විරෝධතාවයේ නිරත වන බවයි.
මීට අමතරව රටපුරා ප්‍රධාන නගර ආශ්‍රිතව ද විරෝධතා පැවැත්වීමට නියමිතය.
කෑම පැයේදී ඇතැම් සේවකයින් විරෝධතා පැවැත්වීමට නියමිත බවත් ඇතැම් අංශ වැඩ වර්ජනය කිරීමට නියමිත බවත් රංජන් සේනානායක පැවසීය.
ඔහු අවධාරණය කළේ ජනපීඩාකාරී අයවැය පාර්ලිමේන්තුව තුළ පරාජය කළ යුතු බවය.
අයවැය මගින් ගෙන එන ජනතාවට හා රටට අහිතකර යෝජනා පරාජය කළ යුතුයි යන දැඩි ස්ථාවරක සිට විරෝධතාව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…