ජර්මානු රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් !

රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කළ බවට සැකපිට ජර්මානු ජාතිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජර්මනිය පුරා කළ මෙහෙයුමක් අතරතුර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

උග්‍ර දක්ෂිණාංශික සහ හිටපු හමුදා නිලධාරීන් පිරිසක් එරට පාර්ලිමේන්තුව වන Reichstag ගොඩනැගිල්ලට කඩා වැදී බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුම් කර තිබූ බව ජර්මානු වාර්තාවල දැක්වේ.

මෙම සැලසුම්වල මහ මොළකරු ලෙස චෝදනා ලැබ ඇත්තේ, 71 හැවිරිදි 8 වන හෙන්රික් කුමරු නමැති සුළු වංශාධිපතියෙකි.

ජර්මානු ෆෙඩ්රල් නීතිඥයින් පවසන පරිදි එරට ප්‍රාන්ත 11කින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සිටින කැරලි නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ, ඔහුය.

මෙම කණ්ඩායමට කාන්තාවන් සහ පිරිමින් 50 දෙනෙකු පමණ ඇතුළත් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් Reichsbürger නමැති අන්තවාදී ව්‍යාපාරයක සාමාජිකයින් බව පැවසෙන අතර, ඔවුන් නූතන ජර්මානු රාජ්‍යය ප්‍රතික්ෂේප කරති.

ජර්මානු ජනරජය අහෝසි කර, 1871 වසරේ පැවති Second Reich නමැති අධිරාජ්‍යය ආකාරයේ පාලන ක්‍රමයක් ඇති කිරීමට ඔවුන් සැලසුම් කළ බව ජර්මානු වාර්තාවල දැක්වේ.

ජර්මනිය පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් 130ක් සඳහා පොලිස් නිලධාරීන් 3000කට අධික පිරිසක් යොදවා තිබිණි.

එම කුමන්ත්‍රණයට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඔස්ට්‍රියාවෙන් සහ ඉතාලියෙන් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

එරට අධිකරණ අමාත්‍ය මාකෝ බුෂ්මන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “ව්‍යවස්ථාමය ආයතනවලට සන්නද්ධ පහර දීමක් සැලසුම් කර” තිබූ බවත්, “ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ක්‍රියාත්මක වූ” බවත් ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago