දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් ප්‍රවේශමෙන් – වායු දූෂණය භයානක මට්ටමකට !

වායු දූෂණය මැන බලන වායු තත්ත්ව දර්ශකයේ අගය අද (08), 181ක් (කොළඹ) ලෙස සටහන් වී තිබෙනවා.

සෞඛ්‍යයට අහිතකර අගය ලෙස සැළකෙන්නේ 150 – 200 අතර අගයන් වන අතර ඒ අනුව මෙම තත්ත්වය සෞඛ්‍යයට අහිතකර බවයි වාර්තා වන්නේ.

වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමකට පැමිණීමත් සමඟ දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව රිච්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් හැකි පමණ අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වළක්වා ගැනීම වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම මෙම තත්ත්වය සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයක් භාවිතා කරන ලෙසයි රිච්වේ ආර්යා ළමා රෝහලේ වෙවද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago