රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවද වෛද්‍යවරයා කියා සිටියා.
ඒ මහතා මෙසේ ද වැඩිදුරටත් අදහස් දක්වා සිටියා,
“මේ වනවිට ප්‍රධාන රෝහල් තුළ, නිර්වින්දන, ප්‍රතිජීවක, බෝවන බෝනොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ, පිළිකා, ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 160ක පමණ හිඟයක් පවතිනවා. මේ ඖෂධ සියල්ල මධ්‍යම ඖෂධ ගබඩාවේ නැහැ. අපට අද ඖෂධ වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් සංකීර්ණ ප්‍රශ්න පවතින රෝහල් නියාමනයන් කළ යුතු වුවත්, ඒවා ක්‍රියාත්මක නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ විදේශයන්ගෙන් ඖෂධ ආධාර ලැබුණත්, අපේ සෞඛ්‍ය පද්ධතියට දිගු කාලීන විසඳුම් සෙවිය නොහැකියි.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…