විපක්ෂ සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඉදිරිපත් කළ නඩුවක් අද (09) දින කැදවිය.
සමගි ජන බලවේගය පක්ෂ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් එළඹෙන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ දිසා විනිසුරුවරිය විපක්ෂ නායක සභාපති සජිත් ප්‍රේමදාසට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අද නොතීසි හා සිතාසි නිකුත් කළාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජන බලවේගයේ තනතුරු දැරීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජන බලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද එහිදී එම පෙත්සම්කාරිය ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…