දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
මින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ වයස මාස දෙකහමාරක බිලිඳියක වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.
මෙම දරුවන් දෙදෙනාම ඊයේ (09) අලුයම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු පෙනහලු ආබාධයකින් පෙළී ඇති බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
තුන් හැවිරිදි පිරිමි දරුවා අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මෙම දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ශ්වසන අපහසුතා ඇතුළු රෝගී තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
එම නිසා කුඩා දරුවන් අධික සීතල තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…