මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට ඊයේ (09) දින සිට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ඒ හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ වැටලිම් ඒකකයේ සහ හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරින් එක්ව, විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීවයී.
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය මෙයට ලබාගෙන තිබෙනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ බස් රථ වලින් පැමිණෙන වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කරන අතර, එම පරික්ෂාවේදි ඊයේ (09) දිනසුනඛ අංශයේ සහ තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවටගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වැටලිම සිදුකළ පොලිස් නිලධාරින් කියා සිටියේ.
මෙම මෙහෙයුමට සමගාමිව මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරින් දුම්රිය ස්ථානයේදි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…