මහින්දගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ දැනුම් දීමක් !

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබානොදෙන ලෙසයි.

පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයැදුම්පත් කැඳවීමට එම පෙරමුණ මේ වන විට තීරණය කර ඇති නිසා පක්ෂ නායකයා ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම මෙම අයැදුම්පත් සලකා බැලීමේදී උගත්කම පිළිබඳව සේම ඔහු හෝ ඇය දේශපාලනයේ ප්‍රායෝගිකව නිරතව ගමේ ජනතාව සමඟ වැඩ කටයුතු කළ අයෙකුද යන්න පිළිබඳවද මූලික අවධානය යොමුකරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මෙම කරුණු පිළිබඳ වැඩි අවධානය යොමුකළ යුතු බව පක්ෂ ප්‍රබලයන්ට දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දක්ෂ තරුණ නියෝජිතයන් ඉදිරිපත් කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර පළාත් පාලන මැතිවරණයට අදාළ අයැදුම්පත් පිළිබඳ තනි තනිව අධ්‍යයනය කිරීමටද පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවට කිහිපයක් පසුගිය සතියේ නෙළුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂය කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago