ඊයේ රාත්‍රියේ සිසු පිරිසක් විසින් පහර දුන් බව කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත වී තිබේ.
හිටපු උපකුලපති වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලටත්, ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලටත් ඇතුළත් කර ඇත.
සරසවිය තුළ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ නවතා තිබූ සිසුන්ගේ යතුරු පැදි දෙකක් බීමතින් සිටි මහාචාර්යවරයාගේ පුතා පදවාගෙන පැමිණි රථයේ ගැටීම හේතුවෙන් ඇති වූ වචන හුවමාරුවක් ගැටුමක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.
එම ගැටුම විසඳීමට පැමිණි මහාචාර්යවරයාටත් සිසුන් විසින් පහර දුන් බව කියමින් මේ වනවිට මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලට ඇතුළත් වී ඇත.
ඊයේ රාත්‍රියේ (10) ඇතිවූ සිද්ධියෙන් අනතුරුව සිසුන් තුන්සියයක් පමණ මහාචාර්වරයාගේ නිවස වට කර උද්ඝෝෂණයක් සිදුකමින් සිටිය දී විශ්වවිද්‍යාල විනයාරක්ෂකවරයාත්, ආරක්ෂක අංශයත්, නියෝජ්‍ය උපකුලපතිනියත් පැමිණ කරුණු අවබෝධ කරත දී තත්ත්වය සමතයකට පත් කර තිබේ.
කෙසේ වෙතත් මහාචාර්යවරයාට පහර දුන් බවක් පොලිස් විමර්ශනවල සඳහන් නොවේ. පොලිසිය පවසන්නේ සිසුන් මහාචාර්යවරයාගේ නිවස වටලා කළ උද්ඝෝෂණය පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති බවය.
මහාචාර්ය වරයා පොලිසියට පවසා ඇත්තේ රාත්‍රි 9.50ට පමණ ඔහු නිල නිවසේ සිටිය දී පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් ඔවුන්ට අයත් යතුරු පැදියකින් රිය අනතුරක් සිදු කිරීමට උත්සාහ කළ බවය.
කෙසේ වෙතත් අපරික්ෂාකාරීව බීමතින් රිය පැදවූ පුද්ගලයෙක් විසින් කාර් රථයක හප්පා යතුරු පැදි දෙකකට අලාභානි කළ බව සරසවි සිසුන් ඊයේ (10) පොලිසියට පැමිණිලි කර ඇත.
කෙසේ වෙතත් මහාචාර්යවරයා පවසන පහරදීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, සිද්ධියට අදාල සිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නට පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…