ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතීඥ වෘත්තියට අඩ සියවසක් පිරීම නිමිත්තෙන් පසුගියදා කොළඹ දී පැවැති සැමරුම් උත්සවයේදි සිය නීතී සගයන් විසින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මොන්ට් බ්ලැන්ක් වර්ගයේ පෑනක් සමරු තිළිණයක් ලෙස ලබා දී ඇත. RW ලෙස අකුරු කොටා ඇති මෙම පෑන ජනාධිපතිවරයාගේ සමීප සගයකු වන රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන රොනල්ඩ් පෙරේරා මහතා විසින් සියලු නීතීඥවරුන් වෙනුවෙන් පිරිනමන ලදී.ජනාධිපති වවරයා මෙම පෑන ලබා ගනමිනි කාටත් ඇසෙන සේ සිනහ වෙමින් පවසා ඇත්තේ මට දැන් රැඳවුම් නියෝග අත්සන් කිරීමට කදිම පෑනක් තිබෙනවා “ යනුවෙනි.
මෙම උත්සවය සඳහා ජනාධිපති වික්‍රමසිංහ ගේ සමකාලීනයන් ඇතුළු නීතිවේදීන් රැසක් සහභාගීව සිටි අතර එහි ප්‍රධාන දේශනය ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා විසින් සිදු කරන ලද අතර ජනාධිපති නීතීඥවරුන් වන රොනල්ඩ් පෙරේරා තිලක් මාරපන සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරුද එහිදී කතා කළහ.
මොන්ට් බ්ලැන්ක් (Mont Blanc) වෙබ් අඩවියට අනුව මෙලෙස විශේෂිතව නිමවා ගත හැකි ෆවුන්ටන් වර්ගයේ පෑනක අඩුම මිල ඇමෙරිකානු ඩොලර් 380කි. එතැන් සිට ඉතා ඉහළ මිල ගණන්වලට පෑන් අලෙවි වෙයි. ජනාධිපතිවරයාට ලබා දුන් පෑනෙහි මිල පිළිබඳව අපට අනාවරණය වන්නේ නැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…