කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 10 වන දින මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික තරුණයා යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (දෙසැ. 12) දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයා ඊයේ රාත්‍රී 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.
එම අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරීවල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු හදුනා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසුව මෙම තරුණයා කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී ඇත.
කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ දැනුවත් කිරීම මත කොළඹ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණ ඔහු කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී රථයේ සිටි මෙම පුද්ගලයා පලාගොස් සිටි අතර රථයේ රැඳී සිටි කාන්තාවකට අදාළ ප්‍රදේශවාසින් විසින් පහරදීමක් සිදුකොට තිබුණා.
ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…