ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවි ගමනට සමුදෙයි !

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 76වැනි වියෙහි පසු වූ ඒ මහතා සිය නිව‍සෙදී මියගොස් ඇත්තේ, හෘදයාබාධයක් හේතුවෙනි. 

මොරටුවේ වෙළද ව්‍යාපාරිකයෙක් වූ, ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ඉංග්‍රීසි ගුරුවරියක් වූ , හේමා වීරවර්ධන යුවලට දාව , එම පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපත ලබන්නේ, 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි. 

පාසැල් පෙර අධ්‍යාපන අවදියට එළැඹීමත් සමගම රාවතාවත්තේ රෝමානු කතෝලික පාසැලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු ,පසුව මොරටු විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපන කටයුතු වල නිරත වේ. ඉන් අනතුරුව වැල්ලවත්තේ පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිස එහිදී ,පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව හැදෑරීමක නිරතවේ.

පාසැලේ පන්ති කාමරයෙන් සංගීතයේ මුළකුරු පටන් ගන්නා ඔහු, 1962 වර්ෂයේ දී (16 වන වියේදී) තමාම ලියා තනුවක් යොදාගත් ගීතයක්, මොරටුව ලක්ෂපතියේ යුවලකගේ විවාහ මංගල්‍යයේ දෙවන ගමන වෙනුවෙන් පැවති උත්සවයකදී ගායනා කරමින් තම සිහිනයේ ඉදිරි පියවරකට ආරම්භය ලබාගනී.

එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ.ජේ. කරීම් සංගීතවේදියාණන් මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී, ප්‍රවීණ සංගීතවේදි ආර්.ඒ.චන්ද්‍රසේන ශූරින් වෙත ඔහුව යොමු කරයි.

ඒ යොමු කිරීමේ ප්‍රතිපලයක් ලෙස නිහාල් මුලින් ලියූ ගීතය, ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහයන් ලවා සංස්කරණය කොට, ආර් .ඒ. චන්ද්‍රසේන ශූරින් ගේ සංගීතයෙන් හැඩ ගැන්වී, 1963 වර්ෂයේ පෙබරවාරි මස එක් දිනයකදී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී , මර්වින් රුද්‍රිගු ශබ්දපරිපාලක වරයාගේ අධීක්ෂණය යටතේ පටිගත විය. එම ගීතය “ලස්සනට පිපුණු වන මල්” නම් විය. ඒ ඔහු පටිගත කල ප්‍රථම ගීතයයි.

ඉන් අනතුරුව ගී ගැයූ, ගීත තැටි වලට අමතරව කැසට් පට ප්‍රමාණය 113 ක් පමණ විය. ඒ අනුව ඔහු ගැයූ ගීත දහස් ගණනකි.

ඔහු ලංකාවේ පළමු සී ඩී තැටිය නිකුත් කළ ගායකයා ලෙසද සැලකෙන අතර නිහාල් නෙල්සන් මහතා චිත්‍රපට 25 කට අධික සංඛ්‍යාවක ද ගීත ගායනා කර තිබේ.

පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ පදිංචි ව සිටි, අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමඟ 1974 මැයි මස 16 වන දින විවාහ දිවියට ඇතුලත් වන , ඔවුනට තරංග නෙල්සන් නමින් එක් පුතණුවකු විය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago