මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රී සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම මෙලෙස තහනම් කර තිබේ.
විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…