පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ .
ඒ අනුව පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසීය.
විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත් වල සඳහන් මිල වෙනස් නොකරන ලෙසත් එම ඉල්ලීම නොතකා පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට විරුද්ධව ඒ ඒ අධිකරණ වල නඩු පවරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පාසල් අභ්‍යාස පොත් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් කීපදෙනෙකු දැනටමත් බදුල්ල ප්‍රදේශයෙන් අල්ලාගෙන ඔවුන්ට විරුද්ධව නඩු පවරා ඇති බවද එම නිලධාරියා කීය.
විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ අධික මිලට අලෙවි කරන බවට දෙමව්පියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කොට මෙම වැටලීම සිදුකරන බවත් අධිකාරිය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Maath badulle thama