ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව පොලිසියේ ඉහළ නිලධාරිවරයෙක් පැවසීය.
බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම ක්‍රිකට් විස්තර විචාරකයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදී ම ඝාතනයට ලක්ව ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඇය ඊයේ පොලිසියට පවසා තිබුණේ, ණය මුදලක් ආපසු ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීමක් අනුව දිනේෂ් ශාෆ්ටර් නිවසින් පිටත්ව ගිය බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…