දිනේශ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස්ට එස්.එම්.එස් එකක් ඇවිත් !

අබිරහස් ලෙස මිය ගිය ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් ඊයේ (15) තමන්ට කිසිදු දුරකථන ඇමතුමක් ලබා නොදුන් නමුත් ඔහුගෙන් කෙටි ජංගම දුරකථන පණිවිඩයක් පමණක් ලද බවත් එයින් ඔහුට තමන් හමුවීමට අවශ්‍ය බව සඳහන් ව තිබූ බවත් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මාධ්‍යයට පැවසීය.

රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කළේ මෙම පණිවිඩයට ප්‍රතිචාර දක්වූ තමන් ෂාෆ්ටර් හමුවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් තමන්ට ඊයේ දිනයේ ඔහු හමුවිය නොහැති බවත් දන්වා ප්‍රතිචාර ලෙස පණිවිඩයක් යැවූ බවය.

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර මෙම තොරතුරු සහ ජංගම දුරකථන පණිවිඩ අදළ විමර්ශන කණ්ඩායම් වෙත ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම පිළිබඳව ආරංචි වන විට තමන් සිය නිවස තුළ සිටි බවද බ්‍රයන් තෝමස් ප්‍රකාශ කළ අතර ඒ බව සීසීටීවී කැමරා පරීක්ෂාවේදී තහවුරු වී ඇත.

දිනේශ් ෂාෆ්ටර් ඊයේ (15) සවස සිය මල්පාරේ නිවසින් පිටවන අවස්ථාවේදී බ්‍රයන් තෝමස් හමුවීමට යන බව සඳහන් කර තිබූ අතර මේ හේතුවෙන් පොලිසිය අද ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔවුන් අතර මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මභේදාත්මක තත්ත්වයක් තිබි ඇති අතර දිනේශ් ෂාෆ්ටර් බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව ආරම්භ වූ විමර්ශනවල දි බ්‍රයන් තෝමස්ට වරෙක රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය.

Ceylon News Factory

View Comments

  • Schafters all Indians..such as Pages of Cargills....They got all Sri Lankan's wealth by force...Janashakthi Insurance earlier National Insurance Corporation (ජාතික රක්ශන සන්ස්තාව).මේවා සින්හලයන්ගේ උරුමයන්....මුන්ගේ සුකර විහරනයන් සන්දහා යොදා ගෙන ...අවි ගත්තෝද,අසාදාරනයෙන් මුදල් ගත්තෝද විනාශ වන්නාහුය..."ආනන්ද,සර්පයා දුටුවාද .?)

  • If the financial transaction was transparent, why did he ever have to go to the cemetery?? He could have met the suspect elsewhere. Sad sad way to die. May his soul rest innpeace

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago